27 April 2024
#ක්‍රීඩා

2022 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට

asia cup 2022 විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඩුබායිහිදී පැවති තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම ලකුණු 23 කින් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කල පාකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 147ක් පමණයි.

තරගයේ වීරයා සම්මානය භානුක රාජපක්ෂ හිමිකරගත් අතර තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේ පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් පෑ වනිදු හසරංගයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *