2026 එමී සම්මාන උළෙලේදී ඇපල් ටීවී ඔස්සේ විකාශය වූ “Widow’s Bay” නමැති හාස්‍යජනක සහ භීතිය මුසු (කතා මාලාව සම්මාන 14ක් දිනාගනිමින් තනි වාරයක් තුළ වැඩිම එමී සම්මාන සංඛ්‍යාවක් දිනූ හාස්‍යජනක කතා මාලාව ලෙස ඓතිහාසික වාර්තාවක් තබා ඇති බව සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම එහි ප්‍රධාන චරිතය හෙබවූ වෙල්ෂ් ජාතික රංගන ශිල්පී මැතිව් රීස් එකම රාත්‍රියකදී ප්‍රධාන රංගන ශිල්පියාට හිමි එමී සම්මාන ද්විත්වයක් දිනාගත් ප්‍රථම රංගන ශිල්පියා බවට පත්වෙමින් එමී ඉතිහාසයට එක්විය. මීට අමතරව ‘Widow’s Bay’ නිෂ්පාදකවරයෙකු ලෙසද ඔහු අදාළ සම්මානයට හිමිකම් කීවේය. ප්‍රධාන හාස්‍යජනක කතා මාලාව, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම තිරපිටපත ඇතුළු ප්‍රධාන සම්මාන ගණනාවක්ම හිමිකර ගැනීමට මෙම කතා මාලාව සමත්විය.













