2026 අ.පො.ස. උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව ලිඛිත විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් 10 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
දිවයින පුරා පිහිටුවන ලද පරීක්ෂණ මධ්‍යස්ථාන 44කදී මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ අයදුම්පත්වල සඳහන් ලිපිනයන් වෙතත් තැපැල් මගින් යොමු කර තිබේ.
ප්‍රවේශපත්‍ර නොලැබුණු අපේක්ෂකයින්ට ඔක්තෝබර් 7 වැනිදා සිට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාගය සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල සන්නිවේදන මාර්ග ඔස්සේ තොරතුරු ලබාගත හැකිය.














