2026 වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය Karl Deisseroth, Peter Hegemann සහ Georg Nagel යන විද්‍යාඥයින් තිදෙනාට පිරිනමා තිබේ.
ආලෝකය මගින් ස්නායු සෛලවල ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට හැකි Optogenetics තාක්ෂණයට පදනම සැපයූ සොයාගැනීම් වෙනුවෙන් ඔවුන්ට මෙම සම්මානය හිමිව ඇත. මෙම තාක්ෂණය මගින් මොළයේ ස්නායු සෛල ක්‍රියා කරන ආකාරය සහ ඒවා මගින් මතකය, හැඟීම් හා හැසිරීම් වැනි ක්‍රියාකාරකම් පාලනය වන ආකාරය අධ්‍යයනය කිරීමට නව අවස්ථා විවෘත වී තිබේ.
2026 නොබෙල් ත්‍යාගය සඳහා එක් කාණ්ඩයකට වෙන් කර ඇති ත්‍යාග මුදල ස්වීඩන් ක්‍රෝන මිලියන 12ක් වන අතර, එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2කට ආසන්න වේ. විද්‍යාඥයින් තිදෙනා අතර එම මුදල සමානව බෙදා දෙනු ඇත. කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනමනු ලබන්නේ Karolinska Institutet හි Nobel Assembly විසිනි.
















