රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම අරමුණු කරගත් පරිපූරක ඇස්තමේන්තුවක් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, අදාළ පරිපූරක ඇස්තමේන්තුව අද දින පස්වරු 12.30 දක්වා අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ.















