2027 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අරමුණු කරගනිමින්, ‘සිලෝන් ටී’ හෙවත් ලංකා තේ සහ සංචාරක ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කර තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත. දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඇතුළු ක්‍රිකට් ආයතනයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මීට එක්වී තිබේ. දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2027 ක්‍රිකට් ලෝක කුසලානයේ ගෝලීය අවධානය ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ලෝකයටම හඳුන්වා දීම මෙහි අරමුණ වී ඇත.














