27 April 2024
#දේශීය

ලංකාවේ කොවිඩ් ආසාදිතයින් 203 යි !

අද (12) දින කොවිඩ් 19 ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා රෝගින් සංඛ්‍යාව 203ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටී.

මේ අතර කොරෝනා වෛරසය වැලදී සිටි තවත් රෝගීයෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

ඒ අනුව රෝහලෙන් පිටව ගොස් ඇති මුළු රෝගීන් ගණන 55ක් ‌වේ.

අද පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින අයගේ කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර එහිදී මේ ආසාදිතයින් සොයාගෙන ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *