බුදුරජාණන් වහන්සේගේ රුව විකෘති කළ ඡායාරූප සහ ප්රධාන ආගමික ස්ථාන වෙත ප්රහාර එල්ල කරන බවට පණිවිඩ WhatsApp හරහා ප්රචාරය කළ බව කියන 21 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දඹුලු විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්ය ධානියගම ආනන්ද හිමියන් විසින් කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත. විමර්ශන නිලධාරීන්ට අනුව සැකකරුගේ ජංගම දුරකථනයේ බුදුරජාණන් වහන්සේගේ රුව විකෘති කළ ඡායාරූප කිහිපයක්ද තිබී හමුවී ඇත.
කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ඔක්තෝබර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. සැකකරු එම ක්රියා සිදුකළේ විනෝදාස්වාදය සඳහා බවට ප්රකාශ කර ඇති බවද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
















