පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සමගි ජන බලවේගය සහ ජී.එල්. පීරිස් ඇතුළු විවිධ පාර්ශ්ව විසින් අද (18) දිනයේදී පමණක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 6ක් ගොනු කර තිබේ.
මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්, එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නියෝග කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති. එසේම, මෙම පෙත්සම් විභාගය සඳහා පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසද අදාළ පාර්ශ්ව ඉල්ලා ඇත.














