• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 222 ට පත්වීම් ලබා දෙයි

16 May 2023
in දේශීය

දිවයින පුරා රාජකාරි කටයුතු සඳහා නව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 222 දෙනෙකු පත්වීම් ලිපි අද (16) ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් සිදු කෙරිණ.

ඉන් 49 දෙනෙකු රේඛිය අමාත්‍යංශය යටතේ පවතින රෝහල් වෙත මෙන්ම තවත් 173 දෙනෙකු පළාත් සභා යටතේ පවතින ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ හා රෝහල් සඳහාද අනුයුක්ත කෙරේ.

වසර එක හමාරක පුහුණුව ලැබූ මෙම පිරිසට අමතරව තවත් 1000 ක කණ්ඩායමක් මේ වනවිට පුහුණුව ලබමින් සිටින අතර ඔවුන් ඉදිරියේදී නව පත්වීම්ලාභීන් ලෙස සෞඛ්‍ය සේවාවට එක් වීමට නියමිතය. මේ වන විට මෙරට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 8753 දෙනකු රාජකාරියේ නිරත වේ.

රෝහල් වල සූතිකාගාර සේවයේ මෙන්ම ක්ෂේත්‍රයේ ළමා හා මාතෘ සායන , නව ජන්ම සායන,පූර්ව හා පසු ප්‍රසව නිරීක්ෂණ කටයුතු, ළමා එන්නත්කරණය , සෞඛ්‍ය අධ්‍යාපනය ආදී විශාල කාර්යභාරයන් රැසක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් විසින් සිදු කරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම්වරුන් වන ගීතාමනී කරුණාරත්න , වත්සලා ප්‍රියදර්ශනී හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්(පාලන) වසන්ති ගුණසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Post Views: 26
Previous Post

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම ඇමැති කංචන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක

Next Post

2024 දී කෘත්‍රීම බුද්ධිය 6 ශ්‍රේණියේ සිට දිවයිනේ සියලු ම පාසල් වල ඉගැන්වීමට පියවර

editor

editor

Next Post

2024 දී කෘත්‍රීම බුද්ධිය 6 ශ්‍රේණියේ සිට දිවයිනේ සියලු ම පාසල් වල ඉගැන්වීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved