රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් සලකාබැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවට මාරු කිරීමට නියම කර තිබේ.
අද (01) දින මෙම පෙත්සම් විභාගය සඳහා මුලින් 502 ශාලාවේ කැඳවනු ලැබූ නමුත්, එහි ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිකම නිසා එය 501 ශාලාවට මාරු කරන ලෙස ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා ඇතුළු නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි. එම ඉල්ලීම සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීරණයට එළඹ ඇත.
















