ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව 37ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ගොනු කර ඇත.
මෙම පනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානි වන බව සඳහන් කරමින් පෙත්සම්කාර පාර්ශ්වකරුවෝ මෙහිදී පෙන්වා දෙති. එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නම් එය ජනමත විචාරණයකට යොමු කරන නියෝගයක් නිකුත් කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම විවිධ සංවිධාන සහ නියෝජිතයන් මෙම පෙත්සම් ගොනු කර ඇති අතර, එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
















