• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය නොපමාව පාර්ලිමේන්තුවට – අධිකරණ අමාත්‍ය විජේදාස

28 June 2022
in දේශීය

රටේ මහජනතාව මෙන්ම ජාත්‍යන්තරයත් අපේක්ෂා කළ පරිදි මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට නීතියේ අධිපත්‍ය තහවුරු කිරීමට අවශ්‍ය මූලික කොන්දේසිය වන 22 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට ඊයේ (27) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වු බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද 22 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඉදිරි දින කිහිපය තුළ ව්‍යාවස්ථානුකුලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

පනත් කෙටුම් පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර දින හතක් ගිය පසු පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කොට ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කලේය.

ව්‍යවස්ථා සංශෝධනයේ අංකය පිළිබඳව ජනතාවට යම් ගැටලුවක් ඇති බව දක්නට ඇති බව නමුත් එය නිරවුල් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවට 21 වන ව්‍යාවස්ථා සංශෝධන කොටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ බවයි.

තමා අමාත්‍යවරයෙක් ලෙස පත් වු පසු එම ව්‍යවස්ථා සංශෝධනයම ආණ්ඩුවේ ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පතක් ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ සමඟ තමා පෞද්ගලිකව ඉදිරිපත් කළ 22 වන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්කර ගත් බවත්, රජයේ යෝජනාවක් ලෙස 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳ ක්‍රියාදාමයේදී මුලින් ගනු ලබන සංශෝධන කොටුම්පත කුමක්ද යන්න සලකා බලා එය නැවත වතාවක් අංක 21 ලෙස නම් කරන බවද අමාත්‍යවරයා පැවසු අතර ඒ අනුව 22 වන සංශෝධනය මුලින් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගන්නා අවස්ථාව වන විට එය 21 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය ලෙස නම් කරනු ලැබේ. ‍

විපක්ෂය ඉදිරිපත් කළ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එළිදැක්විමට නොහැකි එකක් ලෙස තමා විශ්වාස කරන බවත්, එහි සැම වගන්තියක්ම නීතියක් බවට පත් වන්නට ජනමත විචාරණයක් අවශ්‍යය යන්න තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

 

 

 

Post Views: 18
Previous Post

මාතලේ සංචාරක දියුණුව සදහා විශේස අවශ්‍යතා ඇති පිරිස් සදහා වැඩසටහනක්

Next Post

“එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතිට භාර දෙයි

editor

editor

Next Post

“එක රටක් - එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතිට භාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved