ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම යෝජනා කෙරෙන විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන මාසයේ මැදදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය. (සටහන: අසේල පෙරේරා)
මෙම පනත් කෙටුම්පත ලබන 18 වන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අධිකරණයේ කටයුතු කාර්යක්ෂම සහ විධිමත් කිරීම සඳහා වන යෝජනා රැසක් මීට ඇතුළත් වේ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම එහි එක් කරුණක් පමණක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පනත් කෙටුම්පත පළමු වර කියවීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අධිකරණයට යෑමට සතියක පමණ කාලයක් හිමිවන අතර, ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාග කර දින 3ත් 21ත් අතර කාලයක් තුළ සිය තීරණය පාර්ලිමේන්තුවට දැන්විය යුතුය. මෙම විසි දෙවැනි (වාර්තාවේ සඳහන් වන පරිදි දොළොස් වැනි) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු:
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස: අවුරුදු 65 සිට 67 දක්වා ඉහළ නංවනු ලැබේ.
අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස:අවුරුදු 63 සිට 65 දක්වා ඉහළ නංවනු ලැබේ.
















