• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉවර වුණ නඩුව යළි කැඳවන්නේ දේශපාලන පළිගැනීම් නිසාද? පාඨලි 24 දක්වා රිමාන්ඩ්

19 December 2019
in දේශීය

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා මේ මස 24 දක්වා රිමාන්ඩ් ගත කිරිමට අධිකරණය අද (19) නියෝග කෙරිණි. ඒ, 2016 වසරේදී තරුණයෙකු අනතුරකට ලක් කළ පළා යාම සම්බන්ධයෙනි.

ඊයේ (18) රාත්‍රියේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළාය.

ඊයේ රාත්‍රී 10.30 ට පමණ මෙම නඩුව අධිකරණය හමුවේ කැඳනු ලැබීය. ඊයේ (18) රාත්‍රියේ රණවක මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙරට මහා සංඝරත්නය පවසා සිටියේ කොටි ත්‍රස්තවාදීන් විසින් සිදුකරනු ලැබූ සිංහල බෞද්ධ නායකයන් විනාශ කිරීමේ වගකීම වර්තමානයේ රජය භාරගෙන ඇති බවයි. කොටි ත්‍රස්තවාදීන් සමග මතවාදීව අරගලයක නිරත වෙමින්, යුද හමුදාව සමග යුද බිමට යමින් සටන් කළ සැබෑ බෞද්ධ නායකයකු වන පාඨලී චම්පික රණවකව විනාශ කිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බව උන්වහන්සේලා වැඩිදුරටත් අවධාරණය කර සිටියහ.

පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් පාඨලි චම්පික මහතා කියා සිටියේ 2016 වසරේදී සිදු වු අනතුර සම්බන්ධ නඩුව අවසන් වු සිද්ධියක් බවයි. අධිකරණය මගින් තම පාර්ශවයට අදාල කටයුතු කර ඇති නමුත් මේ වන විට සිදු කෙරෙන්නේ දේශපාලන පලිගැනීම් බව පැහැදිලි බවයි.

කෙසේ වෙතත් දේශපාලන විචාරකයින් කියා සිටින්නේ මීලග ජාතික නායකයා වීමේ බොහෝ ඉඩ කඩ පාඨලි චම්පික හට තිබු බවයි. ඔහුහට බෞද්ධ ඡන්ද විශාල පිරිසක් ලැබීමට ඇති හැකියාව වැඩි බවයි. කෙසේ වෙතත් මෙය දේශපාලන පලිගැනීම් සිදුකිරීමක් බව පැහැදිලි බව ඔවුන් පවසන්නේ.

පාඨලි චම්පික මහතාගේ මාධ්‍ය ලේකම්වන ධනුෂ්ක රාමනායක විසින් මෙහෙයවනු ලබන මාධ්‍ය ආයතනයකට පසුගියදිනකදී පොලිසිය විසින් යම් සෝදිසි මෙහෙයුමක් ද සිදු කර සිටියේය. එවැනි දේ පිටුපස අනිවාර්යෙන්ම ගම්‍ය වන්නේ මෙය දේශපාලන පලිගැනීමක් බව පැහැදිලි බව විචාරකයින් කියා සිටියේය. කුමන ආණ්ඩුවක් වුවත් මෙවැනි දේ සිදු කිරීම තුළීන් සිදු වන්නේ ජනතාව අතර ඇති වු ප්‍රසාදය අහිමිවීමක් බවත් මේ තුළින් ජනතාව අතර යළි බියගැන්වීම් ස්වභාවයක් ඇති වනු ඇති බව දේශපාලන විචාරයකින් අප වෙත කියා සිටියේය.

ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරනු ලබන රාජපක්ෂවරුන්ට යම් යම් චෝදනා නැගු කිහිප දෙනෙකු සිර ගත කිරීමට යම් සැලසුමක් ඇති බවත් එවැනි දේ සඳහා කිසිදු බියක් නොමැති බව එජාපයේ ප්‍රබලයෙකු අප වෙත කියා සිටියේය.

 

අධිකරණ සංකීර්ණය පිටතට පැමිණෙන හිටපු අමාත්‍ය පාඨලි චම්පික මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගේ ෆේස්බුක් පිටුවෙහි නිකුත් කර ඇති විඩියෝව මෙම ලින්ක් එකෙන් නැරඹිය හැකිය. 

 

https://www.facebook.com/dhanush.ramanayake/videos/2355992944713995/

 

දිලිනි සමන්මලි 

 

පෙර පුවත් 

හිටපු අමාත්‍ය පාඨලි චම්පික අත්අඩංගුවට

 

Post Views: 10
Previous Post

ඛනිජ තෙල් සේවකයින්ගේ අතිකාල දීමනා ගැන වාර්තාවක් ඇමැති අමරවීර ඉල්ලයි

Next Post

DLB දැවැන්ත කෝටිපති ජයග්‍රාහකයාට අගමැති අතින් චෙක් පත ප්‍රදානය කෙරේ

editor

editor

Next Post

DLB දැවැන්ත කෝටිපති ජයග්‍රාහකයාට අගමැති අතින් චෙක් පත ප්‍රදානය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved