• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

DLB දැවැන්ත කෝටිපති ජයග්‍රාහකයාට අගමැති අතින් චෙක් පත ප්‍රදානය කෙරේ

19 December 2019
in ව්‍යාපාර

කෝටිපති කප්රුක ලොතරැයියෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ දැවැන්තම කෝටිපති ජයග්‍රාහකයාට අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් චෙක්පත් ප්‍රදානය කෙරේ.

එදා මෙදාතුර සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම කෝටිපති ජයමල්ල වූ රු.145,029,213 ක මුදල 2019.10.27 වන දින පවත්වන ලද “කෝටිපති කප්රුක” 513 වන වාරයේ දිනුම් ඇදීමේදී දිනාගත් රත්නපුර මලංගම ප්‍රදේශයේ කුමාර ප්‍රියන්ත මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම ඊයේ (18) දින සිදු කෙරිණ.

එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගොඩකවෙල අලෙවි නියෝජිත ආර්.ජී.සෝමා ප්‍රියන්ති මහත්මිය විසිනි.

තවද සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පැරණිම ලොතරැයිපතක් වන ශනිදා වාසනාව ලොතරැයියේ 3267 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.71,705,310 ක මුදල දිනා ගත් වාසනාවන්තයා වූ හොරණ ප්‍රදේශයේ ඩී.කේ.කුමාර මහතාටද අදාළ චෙක්පත ප්‍රදානය කිරීම එදිනම අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවිය.

එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කොළඹ අලෙවි නියෝජිත ටී.එන්.එස්. කුමාර මහතායි.

මෙම අවස්ථාව සදහා මුදල් අමාත්‍යංශ සහ මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති දිලිප් සිල්වා මහතා, සාමාන්‍යාධිකාරී, අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්), විජිතා සෝමරත්න මෙනවිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි), චානක දොඩන්ගොඩ මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී (මුදල්), කසුන් ජයසූරිය මහතා යන අය සහභාගී විය.

 

 

Post Views: 11
Previous Post

ඉවර වුණ නඩුව යළි කැඳවන්නේ දේශපාලන පළිගැනීම් නිසාද? පාඨලි 24 දක්වා රිමාන්ඩ්

Next Post

නැවතත් දේශපාලන දඩයමක් – තිස්ස අත්තනායක

editor

editor

Next Post

නැවතත් දේශපාලන දඩයමක් - තිස්ස අත්තනායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved