27 April 2024
#දේශීය

මෙරට කොවිඩ් ආසාදිතයින් 254යි !

මෙරට  කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ප්‍රමාණය 254ක් වන අතර අද (19) මේ දක්වා රෝගීන් වාර්තාවී නැත.

ඊයේ (18) ගතවූ පැය 24ක කාලය තුල කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දසදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙසේ සමස්ත ආසාදිතයින් ගණන ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, ඔවුන් සියලුදෙනාම නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් බවයි. 

ඊයේ දිනය තුළ හඳුනාගත් රෝගීන් දස දෙනාගෙන් හය දෙනෙකු වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයෙනුත්, තිදෙනෙකු ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙනුත් වාර්තා විය.

අනෙක් ආසාදිතයා රඹුක්කන ප්‍රදේශෙයේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙකු බවත් වාර්තා වෙයි.

මේ වන විට රෝගීන් 90ක්  සම්පුර්ණයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 161ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

වෛරසය ආසාදිත යැයි සැකපිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 103ක් බවත් සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග පවසයි.

තවද මෙරටින් කොවිඩ් – 19  මරණ 7 ක් වාර්තා වී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *