27 April 2024
#විදෙස්

ඉන්දීය පුරවැසි පනතට එරෙහි විරෝධතාකරුවන් 26ක් මියයයි…

මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජය විසින් ගෙන ආ පුරවැසි පනත ට එරෙහි විරෝධතා උග්‍රවීමෙන් ඉන්දියාවේ නගර රැසක ගැටුම් උත්සන්නවී තිබේ. මේ හේතුවෙන් ඉන්දීය ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගැටුම්වලින් විරෝධතාකරුවන් විසි හය දෙනෙක් (26) මේ වනවිට මරණය ට පත්වී ඇතැයි ද වාර්තාවෙයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට අගමැති නරේන්ද්‍ර මොදි විසින් ඇමති මණ්ඩලයේ හදිසි රැස්වීමක් ද කැඳවා තිබේ.

සටහන : ජනිත් විපුලගුණ

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *