27 April 2024
#දේශීය

වම්පික රණවක නිසි පරිදි අත්අඩංගුවට ගත්තා ද..?

පාඨලී  චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ දී  පොලිසිය අනුගමනය කළ යුතු  කි‍්‍රයා පිළිවෙත අනුගමනය කර ඇති ද යන්න පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් අද (23)  වාර්තාවක් කැඳවන බව ජාතික පොලිස් කොමිසම ප්‍රකාශ කරයි.

රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේදී නියමිත ක‍්‍රමයට සිදු වී නොමැති බව ට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බවත්, ඒ අනුව පොලිස්පතිවරයාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාව කැඳවන බවත් ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ පැවසීය.

නියෝජ්‍ය කතානායකවරයා මෙම ලිපිය ඉකුත් (19) දින ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කර ඇති බවද ලේකම්වරයා කියා සිටියේය.

පාර්ලිමේන්තු  මන්තී‍්‍රවරයකු යම් නිශ්චිත කාරණයක් සදහා අත්අඩංගුවටගැනීමට කටයුතු කරන්නේනම් මෙතෙක් පැවති සම්ප‍්‍රදාය වුයේ කථානායකවරයා දැනුවත් කර එසේ කිරීමයි.

චම්පික මන්ති‍්‍රවරයා අත්අඩංගුවට ගැනීමේ දී ඒ සදහා සහභාගි වු කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්වරයා ඇතුලූ පොලිස් කණ්ඩායම අදාල මන්ති‍්‍රවරයාගේ නිවසට ගොස් පාර්ලිමේන්තුව දැනුම්වත් කර ඇත්තේ දැයි විමසු අවස්ථාවේ එම නිවසින් පිටතට පැමිණ  ප.ව  6.57 ට  දුරකතනයෙන් මා අමතා අත්අඩංගුවට සිදු කළ බවට දන්වන ලද බව ද නියෝජ්‍ය කථානායකවරයාගේ ලිපියේ සඳහන් වේ.

සටහන : ජනිත් විපුලගුණ

Leave a comment

Your email address will not be published. Required fields are marked *