• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුසියාවට හොරට යැවූ ශ්‍රී ලාංකිකයින් 27 ක් එරටදී අත් අඩංගුවට – විදේශ අමාත්‍යංශය

20 November 2020
in දේශීය

රුසියානු බලධාරීන් විසින් වසරක් තුළ ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

මොස්කව් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැසුවේ ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපන හා රැකියා සඳහා යවන ශ්‍රී ලාංකිකයින් එරටදී නීතියේ රැහැනට අසුවන බැවින් හොර රැකියා ඒජන්සි ආයතනවලට නොරැවටෙන ලෙස රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටි බවයි.

ව්‍යාජ විදේශ රැකියා සහ අධ්‍යාපනික නියෝජිතායතනවලට එරෙහිව ශ්‍රී ලාංකිකයන්ගෙන් රුසියාවේ තානාපති කාර්යාලයට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

රැකියා අවස්ථා ලබා ගැනීමේ සහ තවදුරටත් යුරෝපා රටවල් කරා සංක්‍රමණය වීමේ අපේක්ෂාවෙන් යුතුව, ශිෂ්‍ය/සංචාරක වීසා මඟින් රුසියානු සමූහාණ්ඩුව වෙත පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව වසරින් වසර විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇති බව තානාපති කාර්යාලය පැවසිය.

මෙම වසරේ දී, රුසියානු බලධාරීන් විසින් ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද අතර, ඉන් 17 දෙනෙකු දැනටමත් තම සිර දඬුවම් අවසන් කිරීමෙන් අනතුරුව ආපසු ශ්‍රී ලංකාවට ගොස් තිබේ. පුද්ගලයන් දස දෙනෙකු, ඔවුන් පිළිබඳ නීතිමය කටයුතු සිදු කෙරෙමින් පවතින බැවින්, රුසියානු සමූහාණ්ඩුවේ විවිධ නගරවල රැඳවුම් මධ්‍යස්ථානවල තවදුරටත් රඳවා සිටිති.

බොහෝ ශ්‍රී ලාංකික සිසු සිසුවියන්, සැකයකින් තොරව පැමිණෙන සිසුන් සූරාකෑම සහ නිසි නීතිමය මාර්ග නොසලකා මුදල් ලබා ගැනීම අරමුණු කොට ගත් වංචනික නියෝජිතයන්ගේ උපායවලට ගොදුරු වෙමින් පවතී. රුසියාවට හෝ වෙනත් අසල්වැසි රටකට ළඟා වීම සඳහා එවැනි නීතිවිරෝධී මාර්ග භාවිතා කිරීමෙන් වළකින ලෙස රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට තරයේ අවවාද කරයි.

සංක්‍රමණ නීති රීතිවලට අනුව, සංචාරක වීසා මඟින් රුසියානු සමූහාණ්ඩුව වෙත පැමිණෙන විදේශකයන් හට ඔවුන්ගේ වලංගු වීසා කාලසීමාව තුළ දී රැකියාවල නිරත වීමට අවසර දෙනු නොලබන අතර, දඬුවමකට ද යටත් වීමට සිදු වේ.

සංක්‍රමණික සේවකයින් ලෙස නීතිවිරෝධී අන්දමින් රැඳී සිටීම, වීසා බලපත්‍ර කල් ඉකුත්වීම සහ සංක්‍රමණ නීති උල්ලංඝනය කිරීම, ව්‍යාජ ශිෂ්‍ය/රැකියා වීසා බලපත්‍ර ලබා ගැනීම, නීතිවිරෝධී ලෙස රාජ්‍ය දේශසීමා තරණය කිරීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් ගණනාවකට සිර දඬුවම් හා දඩ නියම කර ඇති බව රුසියානු නීතිය බලාත්මක කිරීමේ බලධාරීන් විසින් මෙම තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇත.

සුදුසු ක්‍රියාමාර්ග ගැනීම පිණිස, මිනිස් ජාවාරම් පිළිබඳ වාර්තා වූ පැමිණිලි පිලිබඳ විස්තර සම්බන්ධයෙන් රුසියානු සමූහාණ්ඩුවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද රජයන්හි අදාළ බලධාරීන් දැනුවත් කිරීම සඳහා රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මූලික පියවර ගෙන තිබේ.

එබැවින් එවැනි ව්‍යාජ ආයතන පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙසත්, කිසිදු නීති විරෝධී ආයතනයකට ගෙවීම් කිරීමෙන් වැළකී සිටින ලෙසත්, මිනිස් ජාවාරමට ගොදුරු නොවී සිටින ලෙසත් තරයේ අවවාද කරනු ලැබේ. තවද, රැකියා අවස්ථා සෙවීමේ හෝ දේශසීමා හරහා යුරෝපයට ඇතුළු වීමේ අපේක්ෂාවෙන් ශිෂ්‍ය/සංචාරක වීසා මත රුසියානු සමූහාණ්ඩුව වෙත යාමෙන් වළකින ලෙසට උපදෙස් දෙනු ලැබේ.

Post Views: 7
Previous Post

ආණමඩුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ගොඩනැගිලි සහිත ඉඩම ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට පවරයි

Next Post

හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

editor

editor

Next Post

හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved