• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

29 මොණරාගලට එන්න – ඇමැති මංගල කියයි

20 August 2018
in සංවර්ධන

ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව මත පදනම්ව ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් කරන ආකාරය පෙන්වන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන 29 දා සිට 31 වැනිදා දක්වා මොණරාගල දී පවත්වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වෙල්ලස්ස කැරැල්ලට වසර 200ක් සම්පූර්ණ කෙරෙන මෙම වසරේ දී දේශප්‍රේමී කැරැල්ලෙන් සංවර්ධන සංග්‍රාමයට යන තේමාව යටතේ ප්‍රදර්ශනය පවත්වන බව අද (20) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දීය.

‘‘යුද්ධය අවසන් වුව ද සංවර්ධන සංග්‍රාමය ජයගත නොහැකි වූ ශ්‍රී ලංකාවට සංවර්ධනය කරා ළගාවීමේ මග විවර කිරීම මේ ප්‍රදර්ශනයේ අරමුණයි. ප්‍රදර්ශකයන් 204 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන මෙම ප්‍රදර්ශනය වෙළෙඳ කුටි 515කින් සමත්විතයි.

එදා යුද්ධය ජයගත් උදවිය ඒ හරහා මුළු රටම ඒකාධිපතීත්වයක් කරා ගමන් කරමින් තිබිය දී තමයි 2015 දී වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත් වුණේ.

අපි රට ගොඩනැගුවේ කුලුනු දෙකක් මත. ඒ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිදියාවයි. ඒ ඔස්සේ ගොඩනැංවෙන සංවර්ධනය දැක බලා ගැනීමේ අවස්ථාව මෙම ප්‍රදර්ශනය මගින් ජනතාවට උදා වනවා. ඉදිරියේ දී මෙම ප්‍රදර්ශනය අනුරාධුපුරය සහ යාපනය යන දිස්ත්‍රික්කවල පැවැත්විමට නියමිත යැයි අමාත්‍යවරයා කියා සිටියේ ය.

මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා –

‘‘එදා සංවර්ධනය සිදු වුණා තෝරාගත් ප්‍රදේශවල. නමුත් ජනතාවගේ ඇගට දැනුණෙ නැහැ. අපි මේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පවත්වන්නේ අවුරුදු 3ක් වැඩ කරල ඉවර වෙලා. ඒක තමයි වෙනස. මොණරාගල ජනතාව වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාට ප්‍රදර්ශනය සඳහා දුප්පත්ම දිස්ත්‍රික්කවලින් එකක් වෙන මොණරාගල මේ සඳහා තෝරා ගැනීම ගැන. මේ සිදු කෙරෙන සංවර්ධනය එක ප්‍රදේශයකට සීමා වෙලා නෑ. මේක ගමට දැනෙන ගමේ බිමේ පැලවෙන සංවර්ධනයක් යැයි ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ මොණරාගල වැනි දුෂ්කර ප්‍රදේශ වෙත සංවර්ධන ව්‍යාප්තවීම ජනතාව ලද ජයග්‍රහණයක් බවයි. ප්‍රදර්ශනය දැනට සැලසුම් කර ඇත්තේ දින තුනක් පැවැත්වීමට පමණක් වුව ද එය දින 5ක් දක්වා දීර්ඝ කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය. පැමිණෙන ජනතාවට ප්‍රවාහන පහසුකම් ඇතුළු සියලු දේ ලබා දීමට කටයුතු කර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවැසී ය.

Post Views: 7
Previous Post

ගොවිසෙත සුපිරි වරම වෙළදපොලට

Next Post

සංදර්ශනය නැති අපි වැඩ කරන ආණ්ඩුවක් – අගමැති

editor

editor

Next Post

සංදර්ශනය නැති අපි වැඩ කරන ආණ්ඩුවක් - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved