27 April 2024
#දේශීය

විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවන් 3ක් අල්ලයි

ග්‍රෑන්ඩ්පාස්, ජෝර්ජ් පෙරේරා මාවතට හැරෙන හංදියේ දී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සමඟ සැකකරුවෙකු හා එම වරදට සැකපිට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවරණ කොට්ඨාසය විසින් කටයුතු කර තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ(30) සවස 2.30ට පමණ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 21,31, හා 42 ක් වු ගොකරැල්ල, ඉබ්බාගමුව කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.ෙ සැකකරුවන් අද(01) දින අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *