27 April 2024
#දේශීය

මානිප්පායි සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

මානිප්පායි, ඉනුවිල් ප්‍රදේශයේ නිවාස කිහිපයකට පහරදීමට තියුණු ආයුධ සමඟ ආවා කල්ලියේ යැයි සම්බන්ධ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පසුගිය 20 වනදා රාත්‍රියේදී මෙම පිරිසක් විසින් මානිප්පායි, ඉනුවිල් ප්‍රදේශයේ නිවාස කිහිපයකට පහරදීමට තියුණු ආයුධවලින් පහර දීමට සැලසුම් කර ඇති බවයි.

ඒ පිළිබඳ දැනුවත් වු පොලිසිය වහාම ක්‍රියාත්මක වන පරිසි පැමිණ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේ‍ශයේ නිවසක සැඟව සිටියදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, වයස අවුරුදු 19 ක් වන සැකකරුවන් දෙදෙනෙකු හා 20ක් වන සැකකරුවෙක් එ‍ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.

පොලීසිය වෙත පහරදුන් පිරිස අත්අඩංගුවට යාමේදි සිදුවු වෙඩි තැබීමකින් යාපනය,කොඩිකාමම්,කච්චායි ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්තිරම් කවිගජන් නමැති 22 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(23) යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මියගිය තරුණයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු අතර,සිරුර ඥාතීන් වෙත භාරදි තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *