27 April 2024
#දේශීය

පසුපෙළ සජිත් ඉල්ලයි ….. ජ්‍යෙෂ්ඨයින්ගේ යෝජනාව…….කරු….ද?

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩයම් ඊයේ (22) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මීලඟ එජාපයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස බවට සාතිශය බහුතරය විසින් දැඩි තීන්දුවක් ගෙන තිබේ.

මෙම රැස්වීම ආරම්භයේදීම කබීර් හෂීම් අමාත්‍යවරයා කියා ඇත්තේ එජාපයේ රවී රාජිත ඇතුලු කණ්ඩායමක් අගෝස්තු 5 වන දින එජාප පුලුල් සන්ධානයක් ගොඩ නැගීමට සූදානමින් සිටින නමුත් ඊට පෙර පක්ෂයෙ ජනාධිපති අපේක්ෂකයා කවුරුද්ද යන්න තීරණය කළ යුතු බවයි. පුළුල් සන්ධාන ගොඩ නැගිම එම අපේක්ෂකයාගේ මුලිකත්වයෙන් විය යුතු බවද ඔහු අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන මලික් සමරවික්‍රම ද මෙහිදී කරුණු රැසක් ගෙන හැර පාමින් අවධාරණය කළේ සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකයා ලෙස වැඩිම සුදුසු කම් තිබෙන බවය.

මෙහිදී එජාප නායක රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමු යැයි කියා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටි බව වාර්තා වේ.

සජිත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව මුලින්ම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ මංගල සමරවීර විසිනි.එම ප්‍රකාශයෙන් පසුව සජිත් විරෝධිකලිය සජිත්ටත් මංගලටත් එරෙහිව දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරමින් සිටියේය.

මේ ආකාරයට පසුපලෙ මන්ත්‍රීවරුන් යෝජනා කළ ද එජාපයෙ ජ්‍යෙෂ්ඨයින්ගේ ඉදිරියේදී සැලසුම් සහගතව කරු ජයසුරියව ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වේ. එජාපයේ අභ්‍යන්තර තොරතුරු සපයන්නා කියා සිටින්නේ මේ ආකාරයේ සජිත් රැල්ලක් සාදා ගනිමින් පසුව එය කරු ජයසුරිය වෙත යොමු කිරීමට කටයුතු කරනු ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *