27 April 2024
#දේශීය

කුඩු බිස්නස් කළ නාකොටික් හොයන්න පොලිස් කණ්ඩායම් 3ක් යොදවලා

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා ඇතැයි පැවසෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් පස්දෙනා පිළබඳව සොයා බැලීමට පොලිස් කණ්ඩායම් 3ක් යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ  අද (01) සවස පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් ය.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් පසුගිය දා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඔවුන් සතුව තිබී මුදල් සහ වෙනත් දේපළ ප්‍රමාණයක් ද සොයාගෙන තිබිණ.

කෙසේ වෙතත්  මෙම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙණ පොලිස් පරීක්ෂකවරයා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට තවමත්  නොහැකි වී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *