• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමැති 3ක් අලුත් යෝජනා රැගෙන ජිනීවා යති

25 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජිනීවා මානව හිමිකම් සමුළුව සඳහා මෙරට ආණ්ඩුවේ නව යෝජනා රැගෙන ඇමතිවරුන් තිදෙනකු සහභාගි වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඊට අනූව දිනේෂ් ගුණවර්ධන , මහින්ද සමරසිංහ සහ නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් මෙසේ සහභාගි වෙයි.

තවද ශ්‍රී ලංකාවේ සංහිඳියාව‘ වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ ජිනීවා  නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි එළිසබෙත් ටිචි ෆිෂ්ල්බර්ගර්  දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 47ක මානව හිමිකම් තත්ත්වය විමසා බැලෙන මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය ජිනීවා නුවරදී අද (24)  ආරම්භ වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ම පෙබරවාරි 27 වැනිදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික කරුණු දැක්වීම් කිරීමට නියමිත අතර ඊට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  ප්‍රතිචාර දක්වන බව ද නිවේදනයක් නිකුත් කරමින් විඳේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙන බවත් එනුවර රැඳී සිටින කාලයේදී අමාත්‍යවරයා, මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය හමුවීමට නියමිත බව ද එම නිවේදනයේ දැක්විණි.

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා මේ වනවිට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ගොස් සිටින අතර හෙතෙම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනිය දැනුවත් කර ඇත්තේ ඉකුත් සිකුරාදා (21) ය.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් කොළඹ සිටින එක්සත් රාජධානිය, ජර්මනිය සහ කැනඩාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් දැනුවත් කළ බව ද රවිනාථ ආර්යසිංහ  සභාපතිනියට දැනුම් දුන්නේය.

පෙබරවාරි 26 වැනිදා පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡා වටයේදී රජය ගත් තීරණය විධිමත් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතයන්ට දැනුම් දෙන බව ද ආර්යසිංහ  එහිදි සභාපතිනියට දැනුම් දුන්නේය.

2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ඉකුත් දා තීරණය කළේය. එම සම අනුග්‍රහාකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය දා (19) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවිය. 

Post Views: 2
Previous Post

සුදන වෙස් ගත්ත පඹයන් ගැන බලාගන්න – ප්‍රසන්න රණතුංග පාක්ෂිකයන්ගෙන් ඉල්ලයි

Next Post

පළාත් සභා මැතිවරණය තියන දවස : නිමල් සිරිපාල ඇමැති කියයි

editor

editor

Next Post

පළාත් සභා මැතිවරණය තියන දවස : නිමල් සිරිපාල ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved