• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුරේ මාර්ග 343 ක කිලෝ මීටර් 1,034 ක් සදහා රුපියල් මිලියන 51,000 ක ආයෝජනයක්

31 October 2019
in සංවර්ධන

වසර තිහකට ආසන්න කාලයක් පැවති ගැටුම් හේතුවෙන් උතුරු පළාතේ දැඩි හානි සිදුවී ඇති අභ්‍යන්තර මාර්ග සංවර්ධනය සදහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර ඇති ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ මාර්ග පැකේජ 17 ක් මාර්ග 343 ක කිලෝ මීටර් 1,034 ක් පුනරුත්ථාපනය කොට ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 51,000 ක් ආයෝජනය කර ඇති බව අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතා පවසයි.

ලේකම්වරයා කියා සිටියේ ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය සහයෝගිතාවය මත ඉහළ පෙළේ ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස මෙම මාර්ග සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවයි. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ තෝරාගත් මාර්ග පැකේජ 05 ක් යටතේ මාර්ග 128 ක් කිලෝ මීටර් 273.24 ක රුපියල් මිලියන 15,000 ක මාර්ග සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයට අයත් සෙට්ටියාර්මඩම්-චන්කානෙයි-පිරම්පත්තෙයි මාර්ගය (කි.මි 6.58) පන්නලෙයි – කීරමලෙයි මාර්ගය (කි.මී 4.12) එලලාන් – කඩුවාන් මාර්ගය (කි.මී 2.69) යන මාර්ග 03 හි වැඩකටයුතු ආරම්භ කළ බව අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.

මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම මාර්ගයන් සංවර්ධනය කිරීමේ කටයුතු සදහා එම ආයතනවල උපරිම සහයෝගය හිමිවන බව අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතා වැඩිදුරටත් පැවසීය.

 

දිලිනි සමන්මලි 

Post Views: 38
Previous Post

තව සතියයි… ! නිදහස් පක්ෂයේ කණ්ඩායමක් හංසයාට – ඇමැති අර්ජුන

Next Post

එජාපය සහ හිටපු ජනාධිපතිනිය අතර ගිවිසුමක් අත්සන් තබයි

editor

editor

Next Post

එජාපය සහ හිටපු ජනාධිපතිනිය අතර ගිවිසුමක් අත්සන් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved