27 April 2024
#දේශීය

එජාපය සහ හිටපු ජනාධිපතිනිය අතර ගිවිසුමක් අත්සන් තබයි

එක්සත් ජාතික පෙරමුණ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුමක් ‌අද (01) දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අත්සන් කළ ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.00ට ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙම උත්සවය ආරම්භ වනු ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින සියලුම දේශපාලන පක්ෂවල නායකයන්, සිවිල් සංවිධාන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වෙයි.

2015 ජනාධිපතිවරණයේදීද නව ප්‍රාජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වූ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහාය ලබාදුන්නාය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *