• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දවසකට ලංගම කොන්දොස්තරවරුන් 35 ක් වැඩ තහනම් වෙනවා – ඇමැති බන්දුල

19 July 2023
in දේශීය

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයතුල ටිකට් නොදී මුදල් සාක්කුවේ දමා ගැනීම නිසා දිනකට කොන්දොස්තරවරු 35කු පමණ වැඩ තහනමට ලක්වෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් දැක්වුයේ අද (19) දින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බඳවාගත් රියදුරන් හා කොන්දොස්තරවරුන් හට පත්වීම් ලිපි ලබාදීමේ උත්සවය අමතමින්ය. පත්වීම් ලිපි ලබා දීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා “ කවුරු ආණ්ඩු කලත් වසර 2048 වෙනකම් අපිට වැඩ කරන්න වෙන්නේ IMF සමග එකඟ වී ඇති ගිවිසුමට අනුවයි. මොකද අපි අරගෙන ඇති ණය ඒ කාලය වෙනකම් ගෙවන්න වෙන නිසා. සාමාන්‍ය ජනතාව පොදු ප්‍රවාහනය තුලින් තමයි තමන්ගේ අවශ්‍යතාවයන් බොහොමයක් ඉටු කරගන්නේ, මේ වන විට තෙල් මිල වැඩිවීම, ඉහල යාම හේතු වෙන් පොදු ප්‍රවාහනය සඳහා තිබෙන ඉල්ලුම වැඩි වී තියෙනවා. මෙම වසර තුල අපි QR ‍ක්‍රමවේදය යොදාගනිමන් බස්රථ සඳහා ගෙවීම් සිදුකල හැකි නවීන තාක්ෂණික ක්‍රම වේදයක් සකස් කරනවා. ඒ වගේම මටවත් සභාපතිවරයාටත් මේ ආයතනය තනිවම බේරගන්න බැහැ. අපි ගිවිසුමකට අත්සන් කරල තියෙන්නේ 2025 වන විට ආයතනය ලාභ ලැබුවෙ නැත්නම් පුද්ගලිකකරණය කරන්න. එහෙම නොවෙන්නනම් අපි ඔක්කොටම එකට එකතු වෙන්න වෙනවා. එතකොට තමයි අපිට දියුණු වී කාර්යක්ෂම හොඳ සේවාවක් සපයන ආයතනයක් බවට පත් කරන්න පුලුවන් වෙන්නේ. හදිසි අනතුරකදී වන්දියක් ලබා ගන්න, ලෙඩක් දුකකදී බෙහෙත් ලබා ගන්න පුලුවන් විදියේ රක්ෂණාවරණයක් ඔබ වෙනුවෙන් අපි සකස් කරමින් ඉන්න බව කියන්න කැමතියි. ඒ වෙගේම ලාභ ලබන ආයතනයක් බවට පත්වුනාම ලාභයෙන් කොටසක් සේවකයින් අතර බෙදා දීමටද අපි බලාපොරොත්තු වෙනවා. තවද ප්‍රවාහන ක්ෂේත්‍රයතුල සිදුවන දූෂණ, අක්‍රමිකතා අවම කරමින් ආයතනය ලාභ ලබන තත්ත්වයට කෙටි කාලයක් තුළ ළඟා වීම තම අපේක්ෂාව බව” ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Post Views: 28
Previous Post

දූෂණ විරෝධි පනත් කෙටුම්පත සම්මතයි

Next Post

අලි – මිනිස් ගැටුම විසඳීමට කඩිනමින් නව ප්‍රතිපත්තියක් – ඇමැතිනි පවිත්‍රා

editor

editor

Next Post

අලි - මිනිස් ගැටුම විසඳීමට කඩිනමින් නව ප්‍රතිපත්තියක් - ඇමැතිනි පවිත්‍රා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved