• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ග්‍රාම නිලධාරීන් 360ක් සහ පරිපාලන ග්‍රාම නිලධාරීන් 104 කට පත්විම් හෙට

21 October 2018
in සංවර්ධන

ග්‍රාම නිලධාරීන් 2500ක් බඳවා ගැනීමේ දෙවැනි අදියර හෙට (22) දින අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ අනුව නව ග්‍රාම නිලධාරීන් 370 දෙනකු සඳහා පත්වීම් ලබාදීමට නියමිතව ඇති අතර පරිපාලන ග්‍රාම නිලදාරීන් බඳවා ගැනීෆම් විභාගය සමත්වූ ග්‍රාම නිලධාරීන් 104 දෙනකුට ද හෙට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ 2016 විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් කඩඉම් සීමාව සමත්වූ පිරිස සම්මුඛ පරීක්ණයකට කැඳවා ලිඛිත විභාගය හා සම්මුඛ පරීක්ෂණය යන දෙකෙන්ම ඉහළම ලකුණු ලබාගත් 1664 දෙනෙකුට පළමු අදියර යටතේ පත්වීම් ලබා දී ඇත. එම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සහ සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු ලබා දීමේ පටිපාටිය රාජ්‍ය අනුමත කර ඇත්තේ රාජ්‍ය සේවා කොමෂන් සභාවා විසිනි. සම්මුඛ පරීක්ෂණයේ ලකුණු ලබාදුන් අවසාන ලේඛන යළි විභාග දෙපාර්තමේන්තුවට යැවීමෙන් පසු එම ලකුණු සහ ලිඛිත පරීක්ෂණයේ ලකුණු දෙකම එතතු කර අවසන් ලේඛන සකසා ඇත්තේ ද විභාග දෙපාර්තමේන්තුව විසිනි.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ දෙවැනි අදියර යටතේ බඳවා ගැනීම් සිදුකරන්නේ ද කලින් පැවැත්වූ විභාගයේ සහ සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පදනම් කරගෙන බවයි. එමෙන්ම ඉදිරියේ දී තව දුරටත් පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදුකිරීමේ දී 2016 පැවැති ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගයේ ලකුණු පදනම් කරගෙන යළි සම්මුඛ පරීක්ෂණයක් පවත්වා බඳවා ගැනීම් සිදුකරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් නිර්දේශ ලැබී ඇත.

තවදුරටත් පවතින පුරප්පාඩු සඳහා නව ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම් සිදුකරන්නේ 2016 පැවැති තරඟ විභාගයේ ප්‍රතිඵල පදනම් කරගනිමිනි. ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ දී කිසිදු දේශපාලනික මැදහත්වීමක් සිදු නොවූ බවත් ඉදිරියේ දී ද එවැනි මැදහත්වීමක් සිදුනොවන බවත් අමාත්‍යාංශය පෙන්වාදෙයි.

පරිපාලන ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා අවස්ථා දෙකකදී විභාග දෙකක් පවත්වා ඇති අතර ඒ් අනුව 104 දෙනකු බඳවා ගැනීම 22 වැනි දින සිදුකරයි.

Post Views: 53
Previous Post

පහ වසර ශිෂ්‍යත්ව විභාගය නව ක්‍රමවේදයකට – ඇමැති අකිල

Next Post

ඇමැති කිරිඇල්ලට අස්ගිරි මහාවිහාරයෙන් ගෞරව නාම සම්මානයක්

editor

editor

Next Post

ඇමැති කිරිඇල්ලට අස්ගිරි මහාවිහාරයෙන් ගෞරව නාම සම්මානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved