27 April 2024
#වෙනත්

වැයිහේන සිරි ගුණරුවන් පෙර පාසලේ 38 වන “මුතු සිනා ප්‍රසංගය පසුගියදා කරලියට

ගාල්ල වැයිහේන සිරි ගුණරුවන් පෙර පාසලේ 38 වන “මුතු සිනා-2019” වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගියදා (15) වැයිහේන සිරි ගුණරුවන් විහාරස්ථානයේ දී අති උත්කර්ෂවත් පැවැතිවිණි.

ඒ සඳහා එම විදුහලේ ප්‍රධාන ආචාරිනී නිසංසලා මල්ලවාරච්චි සහ අමිලා හර්ෂණි ගුරු මෑණිවරුන්ගේ මෙහෙයවීමෙන් උද්යෝගිමත් දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති වාර්ෂික විවිධ ප‍්‍රසංගය නැටුමි ගැයුමි මෙන්ම නාට්‍ය ඇතුලත් සිදුවීමි පෙළගස්වමින් අලංකාරවත්ව පවත්වන ලදි.

1983 වසරේ ආරම්භ කරන ලද මෙම පෙර පාසල මගින් සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන් රැසක් බිහි කොට ඇත. ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

වාර්තාව – සමන් කුමාර 

Leave a comment

Your email address will not be published. Required fields are marked *