27 April 2024
#දේශීය

පසුගිය වසර 4 තුල තෙල් වල ආදායමෙන් රට දියුණු කරන්න තිබ්බා…. හිටපු පිරිපහදු නියෝජ්‍ය කලමණාකරු කියයි

පසුගිය වසර 04 ක කාලය තුලදී ඛනිජ තෙල්වලින් උපයා ගත් ආදායම මනා ලෙස කලමණාකරණය කළානම් මේ රට දියුණු කළ හැකි තත්ත්වයක් බවට පත් කිරීමේ හැකියාව තිබු බව සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදු අංගනයේ හිටපු පිරිපහදු නියෝජ්‍ය කලමණාකරු පියසේන ඒකනායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ TTVnews.lk වෙබ් අඩවිය සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්. එම අවස්ථාවේදී ඒකනායක මහතා කියා සිටියේ පසුගිය 2014 ජනවාරි මාසයේදී තෙල් බැරලයක මිල රුපියල් 110 ක් පමණ වු බවත් එය 2016 ජනවාරි වන විට බැරලය මිල ඩොලර් 30 දක්වා අඩු වුණා. සාමාන්‍ය ගත් කල බැරලයක මිල ඩෝලර් 50 ක පමණක් පැවැතුණ බව ද ඔහු කියා සිටියේය.

ඒ කාලයේදී තෙල් ආනයනය සඳහා වු යන වියදම භාගයකට වඩා අඩු බව ත් ඒ කාලයේදී මෙය පැවැතුණ බව හෙතෙම පැවසුවා. එය හරියාකාරව ගණන් බැලුවහොත් අවුරුද්දකට ඩොලර් මිලියන 2500 ගණනේ අවුරුදු 4 ට ඩොලර් මිලියන 10,000 ක් පමණ බවත් එය ඩෝලර් බිලියන 10 ක් බව ද ඔහු කියා සිටියේය. ඒ ඩෝලර් බිලියන 10 රටට වාසියක් ගෙන දුන් බව එය රටේ සංවර්ධනයට ඉතා
ඔය ටික ඉතුරු කර ගත්තානම් ඩෝලර් බිලයන 5000 ක් පමණ ඉතුරු කර ගත්තානම් මේ රට සුකිත මුදිත කළ හැකි කාලයක් බවයි

සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදු අංගනයේ හිටපු පිරිපහදු නියෝජ්‍ය කලමණාකාරු පියසේන ඒකනායක මහතා TTVnews.lk වෙබ් අඩවිය සමඟ පැවැති සාකච්ඡාව සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *