27 April 2024
#දේශීය

පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණිම් කල පුද්ගලයින් 4 අත්අඩංගුවට

අරලගංවිල, දයාසිරිගම ඇල්ලේ වැව ප්‍රදේශයේ ඉඩමක ඊයේ (28) පස්වරුවේ නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණිම් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ඔවුන් කැණීම් සිදු කිරීම සඳහා උපයෝගි කරගන්නා ලද දේපල සමඟ බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 සහ 31 යන වයස වල පසුවන ඇල්ලේවැව, ත්‍රිකුණාමලය, පස්සර,අරලගංවිල ප්‍ර දේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් අද (29) දින පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *