27 April 2024
#දේශීය

දිස්ත්‍රික්ක 4ක හැර අනෙක් ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවතට

අධි අවදානම් කලාප ලෙස නම් කළ කොළඹ , ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අද (04) අළුයම 05.00ට ඉවත් කෙරිණි.

අද රාත්‍රි 08.00ට ඇඳිරි නීතිය පනවන අතර මැයි 06 වන බදාදා තෙක් රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මැයි 06 වන බදාදා රාත්‍රී  08.00ට ඇඳිරි නීතිය පැනවිමෙන් පසු එම දිස්ත්‍රික්කවලට මැයි 11 වන සඳුදා අළුයම 05.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 11 වනදා තෙක් ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

11 වනදා සිට එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජිවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව රජය දැනුම් දෙයි.

ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස්වලින් බැහැර යෑමට මෙය කිසිසේත් අදාළ නොවේ

කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිවෙකුට අවසර නොලැබේ. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *