චීන මහජන සමුහාණ්ඩුවේ 40 වසරක විවෘත ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ, ඉතිහාසය. අත්දැකීම් හා ප්රතිලාභ” පිළිබද ඡායාරූප ප්‍රදර්ශනයක් හා විශේෂ සම්මන්ත්‍රණයක් හෙට (16) ප.ව. 3.00 ට, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ, ජස්මින් ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි.
එය ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එහි ගෞරවණීය ආරාධිත ලෙස මහජන චීන තානාපති චෙංග් ෂුයියුවාං මහතා සහභාගි වනු ඇත.