• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දිපවාලියට කොස්පැල ලක්ෂ 5 රෝපණය කරයි

2 November 2018
in දේශීය

නොවැම්බර් මස 08 දා එකම වේලාවට දීපව්‍යාප්ත ව කොස්පැල පන්ලක්ෂයක් සිටුවීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් නැවත වරක් පත් කරන ලද මහින්ද අමරවීර මහතා ඊයේ (01) සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේ කිසිදු උත්සවයක් සඳහා මහජන මුදල් වැය නොකරමිනි.

මෙහිදී අමාත්‍යාංශයේ නිලධාරින් ඇමතූ අමාත්‍යවරයා නොවැම්බර් මස 08 දින දීපව්‍යාප්තව කොස්පැල රෝපණය කිරීමේ වැඩ සටහනක් අරඹන ලෙස ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම කාලය තුළ ඉතා හොඳින් වර්ෂාව ලැබෙන බැවින් පැල සිටුවීම සඳහා සුදුසුම කාලය මෙය බැව් කී අමාත්‍යවරයා කොස්පැල දසලක්ෂයක් රෝපනය කිරීමේ ජාතික වැඩ පිළිවෙළ යටතේ මෙම වැඩ සටහන අරඹන බව ද කීය.

මෙම වැඩපිළිවෙළ දිවයිනේ සියලුම ගොවිජන මධ්‍යස්ථාන, හා දිවයින පුරා සිටින කෘෂිකර්ම නිලධාරින්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ. එමෙන්ම මෙහි ප්‍රධාන උත්සවය 2018.11.08 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙන අතර එහිදී එම දෙපාර්තමේන්තුවේ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවක මණ්ඩලවලට කොස්පැල හා වෙනත් පලතුරු පැල බෙදා දීමට ද පියවර ගෙන ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ අප රටේ සංස්කෘතියට, දේශීයත්වයට හිතැති නායකයින් දෙදෙනෙක් පත්වීම නිසා මෙරට කෘෂිකර්මාන්තයට ඉදිරිකාලය තුළ ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමට හැකිවනු ඇති බවයි. රටක් සංවර්ධනය කළ හැක්කේ නව තාක්ෂණය සමග එක්වු කෘෂිකර්මාන්තය නංවාලීමෙන් බව කී අමාත්‍යවරයා ඉදිරි කාලය තුළ කෘෂිකර්මාන්තයේ බොහෝ වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කරනුයේ අපනයනය ඉළක්ක කර ගනිමින් බවත්, නව තාක්ෂණය කෘෂි ක්ෂේත්‍රයට හඳුන්වා දෙමින් තරුණ ප්‍රජාව වැඩි වැඩියෙන් මෙම අංශයට ආකර්ශණය කරගැනීම සඳහා ගත හැකි සියලුම පියවර ගන්නා බව ද කීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ හිටපු ලේකම් බී. විජයරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

 

Post Views: 46
Previous Post

රනිල් අඩු නොකරපු දේවල් මහින්ද අඩු කරලා

Next Post

රනිල් ඉවතට – අරලියගහ මන්දිරය මහින්දට

editor

editor

Next Post

රනිල් ඉවතට - අරලියගහ මන්දිරය මහින්දට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved