• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සිය කැමැත්තෙන්ම හා නොදැනුවත්කමින් ලක්ෂ5ක් ජාතික හැඳුනුම්පත මගහැර සිටින බව හෙළිවෙයි

4 September 2019
in Uncategorised

NIC Issue Surangi SL HR 20190903.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් සිදුකළ අධ්‍යයනයක දී මේ බව හෙළි වී ඇතැයි පුද්ගලයින් ලක්ෂ 5කට පමණ ජාතික හැඳුනුම්පත් නැති බවත්, හැඳුනුම්පත ලබාගැනීමට ජනතාව තුළ උනන්දුව අඩු බවත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ කීවා ය.

මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පත් නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය කියයි. එහි වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ ඊයේ (3) කොළඹදී පැවති මානව හිමිකම් පිළිබඳ වැඩමුළුවක දී මේ බව පෙන්වා දුන්නා ය. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයකදී මේ බව හෙළි වී ඇතැයි ඇය සඳහන් කළාය.

මෙම පිරිසෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් හිතාමතා සිය අනන්‍යතාව සැගවීමේ අරමුණින් ජාතික හැදුනුම්පත ඇතැම් අවස්ථාවල ඉදිරිපත් නොකරන බවද මෙම අධ්‍යයනයේදී හෙළිවී තිබේ. මීට අමතරව විවිධ හේතු මත ජාතික හැදුනුම්පත් නොමැතිව සිටින පිරිස ලක්ෂ 4ක් පමණ වන්නේ යැයි අනුමාන කළ හැකි බව ආරියංවශ මහත්මිය පෙන්වා දෙයි. ජාතික හැදුනුම්පත් ලබාගැනීම සඳහා වන අවශ්‍ය මූලික ලියකියවිලි සම්පාදනය කර ගත නොහැකි වීම, ස්ථිර ලිපිනයක් නෙමැති වීම, හැඳුනුම්පත අස්ථාන ගත වීම ආදී විවිධ හේතු මීට පාදක වී ඇති බව ඇයගේ අදහසයි. මෙම ජාතික හැඳුනුම්පත් නොමැති පිරිස අතරින් 87% ක් පමණ වතුකරය සහ ග්‍රාමීය ආන්තික ප්‍රදේශවල ජීවත් වන බව හෙළිවී තිබේ.

ජාතික හැදුනුම්පතක් සඳහා වන අවශ්‍ය ලියකියවිලි නොමැති අය සඳහා අවම ලියකියවිලි යටතේ ජාතික හැඳුනුම්පත් ලබාදීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවෙළක්ද දියත් කර තිබේ. එම වැඩසටහන විධිමත් අයුරින් ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ක්‍රියාත්මක කළ ද ඇතැම් ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් උදාසීන තත්වයක් දක්වා ඇති බව ද සුරංගි ආරියවංශ මහත්මිය අවධාරණය කළාය. ජාතික හැදුනුම්පත් ලබාදීම සඳහා වන ජංගම සේවා සඳහා පැමිණෙන බහුතරය තිබෙන හැඳුනුම්පත අළුත් කර ගැනීම, මැකී ගිය හෝ පළුදු වූ හැදුනුම්පත් වෙනුවට නව හැඳුනුම්පත් ලබාගැනීම ආදී කටයුතු සඳහා පැමිණෙන බව කී ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නේ හැඳුනුම්පත් නොමැති පිරිස් එම ජංගම සේවා සඳහා පැමිණ ඇත්තේ මද වශයෙන් බව ය.

මැතිවරණ වලදී මෙම හැඳුනුම්පත් නොමැති පිරිසට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන බැවින් මෙම පිරිස ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බව ද එම අධ්‍යයනයේදී හෙළිවී තිබේ. මෙලෙස මැතිවරණයක් පාසා තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීමට සිදුවීම නිසා රජයට ඒ සඳහා අතිරේක වැය බරක් දැරීමට සිදුව ඇති බවද ඒ සඳහා ද වැය වන්නේ ජනතාවගේ බදු මුදල් බව ඇය පෙන්වා දුන්නාය.

මෙම තත්වය පාදක කරගනිමින් ඉදිරියේදී ජාතික හැඳුනුම්පත් රහිත පිරිස ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම දක්වා වන උනන්දු කිරීමේ වැඩසටහනක් සහ ඔවුන් වෙත ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ආරම්භ කිරීමට යෝජිත බව අය සඳහන් කළාය. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය 2013 වසරේ සිට 2015 වසර දක්වා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවාවක් දිවයින පුරා පැවැත්වූ බවත් එහිදී ද ලක්ෂ 4කට ආසන්න පිරිසකට ජාතික හැඳුනුම්පත් ලබාදීමට හැකිවූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරිය පෙන්වා දුන්නාය.

Post Views: 8
Previous Post

සටන් විරාමය … ! රනිල්ගේ තීරණය ..! එජාපයේ ජනපති අපේක්ෂකත්වය ?

Next Post

  අපේ කිසිම ගැටළුවක් නෑ – එජාප සභාපති කියයි

editor

editor

Next Post

  අපේ කිසිම ගැටළුවක් නෑ - එජාප සභාපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved