• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

සිය කැමැත්තෙන්ම හා නොදැනුවත්කමින් ලක්ෂ5ක් ජාතික හැඳුනුම්පත මගහැර සිටින බව හෙළිවෙයි

4 September 2019
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

NIC Issue Surangi SL HR 20190903.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් සිදුකළ අධ්‍යයනයක දී මේ බව හෙළි වී ඇතැයි පුද්ගලයින් ලක්ෂ 5කට පමණ ජාතික හැඳුනුම්පත් නැති බවත්, හැඳුනුම්පත ලබාගැනීමට ජනතාව තුළ උනන්දුව අඩු බවත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ කීවා ය.

මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පත් නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය කියයි. එහි වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ ඊයේ (3) කොළඹදී පැවති මානව හිමිකම් පිළිබඳ වැඩමුළුවක දී මේ බව පෙන්වා දුන්නා ය. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයකදී මේ බව හෙළි වී ඇතැයි ඇය සඳහන් කළාය.

මෙම පිරිසෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් හිතාමතා සිය අනන්‍යතාව සැගවීමේ අරමුණින් ජාතික හැදුනුම්පත ඇතැම් අවස්ථාවල ඉදිරිපත් නොකරන බවද මෙම අධ්‍යයනයේදී හෙළිවී තිබේ. මීට අමතරව විවිධ හේතු මත ජාතික හැදුනුම්පත් නොමැතිව සිටින පිරිස ලක්ෂ 4ක් පමණ වන්නේ යැයි අනුමාන කළ හැකි බව ආරියංවශ මහත්මිය පෙන්වා දෙයි. ජාතික හැදුනුම්පත් ලබාගැනීම සඳහා වන අවශ්‍ය මූලික ලියකියවිලි සම්පාදනය කර ගත නොහැකි වීම, ස්ථිර ලිපිනයක් නෙමැති වීම, හැඳුනුම්පත අස්ථාන ගත වීම ආදී විවිධ හේතු මීට පාදක වී ඇති බව ඇයගේ අදහසයි. මෙම ජාතික හැඳුනුම්පත් නොමැති පිරිස අතරින් 87% ක් පමණ වතුකරය සහ ග්‍රාමීය ආන්තික ප්‍රදේශවල ජීවත් වන බව හෙළිවී තිබේ.

ජාතික හැදුනුම්පතක් සඳහා වන අවශ්‍ය ලියකියවිලි නොමැති අය සඳහා අවම ලියකියවිලි යටතේ ජාතික හැඳුනුම්පත් ලබාදීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවෙළක්ද දියත් කර තිබේ. එම වැඩසටහන විධිමත් අයුරින් ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ක්‍රියාත්මක කළ ද ඇතැම් ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් උදාසීන තත්වයක් දක්වා ඇති බව ද සුරංගි ආරියවංශ මහත්මිය අවධාරණය කළාය. ජාතික හැදුනුම්පත් ලබාදීම සඳහා වන ජංගම සේවා සඳහා පැමිණෙන බහුතරය තිබෙන හැඳුනුම්පත අළුත් කර ගැනීම, මැකී ගිය හෝ පළුදු වූ හැදුනුම්පත් වෙනුවට නව හැඳුනුම්පත් ලබාගැනීම ආදී කටයුතු සඳහා පැමිණෙන බව කී ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නේ හැඳුනුම්පත් නොමැති පිරිස් එම ජංගම සේවා සඳහා පැමිණ ඇත්තේ මද වශයෙන් බව ය.

මැතිවරණ වලදී මෙම හැඳුනුම්පත් නොමැති පිරිසට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන බැවින් මෙම පිරිස ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බව ද එම අධ්‍යයනයේදී හෙළිවී තිබේ. මෙලෙස මැතිවරණයක් පාසා තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීමට සිදුවීම නිසා රජයට ඒ සඳහා අතිරේක වැය බරක් දැරීමට සිදුව ඇති බවද ඒ සඳහා ද වැය වන්නේ ජනතාවගේ බදු මුදල් බව ඇය පෙන්වා දුන්නාය.

මෙම තත්වය පාදක කරගනිමින් ඉදිරියේදී ජාතික හැඳුනුම්පත් රහිත පිරිස ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම දක්වා වන උනන්දු කිරීමේ වැඩසටහනක් සහ ඔවුන් වෙත ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ආරම්භ කිරීමට යෝජිත බව අය සඳහන් කළාය. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය 2013 වසරේ සිට 2015 වසර දක්වා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවාවක් දිවයින පුරා පැවැත්වූ බවත් එහිදී ද ලක්ෂ 4කට ආසන්න පිරිසකට ජාතික හැඳුනුම්පත් ලබාදීමට හැකිවූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරිය පෙන්වා දුන්නාය.

Post Views: 0
Previous Post

සටන් විරාමය … ! රනිල්ගේ තීරණය ..! එජාපයේ ජනපති අපේක්ෂකත්වය ?

Next Post

  අපේ කිසිම ගැටළුවක් නෑ – එජාප සභාපති කියයි

editor

editor

Next Post

  අපේ කිසිම ගැටළුවක් නෑ - එජාප සභාපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved