27 July 2024
#දේශීය

පුද්ගලයන් ලක්ෂ 50 කට 5000 දීමනාව දී අවසන් – සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්

කොවිඩ් 19 වෛරස් වසංගතය  හේතුවෙන් පීඩාවට පත් වූ පිරිස් සදහා රජය විසින් ලබාදෙන රුපියල් 5000සේ දීමනාව මේ වන විට  පුද්ගලයින් ලක්ෂ 50 කට ආසන්න පිරිසකට ගෙවා අවසන් කර ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසන ආකාරයට අඩු ආදායම්ලාභීන්, සමෘද්ධිලාභීන් වෙත මෙහි දී විශේෂ අවධානයක් යොමු වූ බවයි.

එසේම  සිය ජීවනෝපායන් අහිමිවිම හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින පුද්ගලයින් සඳහා එම දීමනාව ලබාදී ඇති බව මෙම වැඩිපිළිවෙල සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරමින් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා  සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *