27 April 2024
#සංවර්ධන

ගම්පහ ධීවර වරාය හා තොටුපල සංවර්ධන කටයුතු පිළිබද ඇමැති ඩග්ලස්ගේ නිරික්ෂණයට

ගම්පහ දිස්ත්‍රික්කයේ ධීවර වරාය හා තොටුපල සංවර්ධන කටයුතු පිළිබද සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පසුගිය 16 වනදා කටයුතු කලේය.

එහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ උස්වැටකෙයියාව, දික්ඕවිට ප්‍රදේශයන්ගේ ධීවර වරාය හා තොටුපල බෝපිටිය රවී ෆිෂ් මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට අමාත්‍යවරයා කටයුතු කලේය.

අමාත්‍යවරයා විසින් දික්ඕවිට ධීවර වරායේ දකුණු පර්යන්තය නිරීක්ෂණය කල අතර එහිදී දික්ඕවිට වරාය ඉදි කිරීමේදී ඉතුරු වු ගල් ධීවරයන්ට බාධා ඇතිකරන තත්වයේ පවතින බැවින් එම ගල් ඉවත් කරන ලෙස ධීවර වරාය නීතිගත සංස්ථවේ කළමනාකාර අධ්‍යක්ෂක වඩිවෙල් සත්‍යනාදන් මහතාට හා එහි සාමාන්‍යාධිකාරී ජනක ප්‍රසන්න මුදලිගේ මහතා වෙත උපදෙස් ලබා දුන්නේය.

එම ගල් වෙරළ ඛාදනය වැලැක්වීම සදහා අවශ්‍ය වෙරළ තීරයේ ගල්වැටි ඉදි කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමෙන්තුවට ලබා දෙන ලෙස අමාත්‍යවරයා දන්වා සිටියේය.

ඉන්පසු උස්වැටකෙයියාව තොටුපල නිරීක්ෂණය කල අමාත්‍යවරයා එම තොටුපල ඉඩම් අයිතිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුව පිළිබදව ධිවර ජනතාවගේ අදහස් හා ප්‍රාදේශිය සභා මංත්‍රිවරියගේ අදහස් විමසා එම ගැටළුව හැකි කඩිනමින් විසදා දෙන බවට පොරොන්දු විය. තවද එම තොටුපල සංවර්ධනය කිරීමට එම පලාතේ ප්‍රධාන දේශපාලත්ඥයින්ගේ අදහස් විමසා ඔවුන්ගේ සහයෝගය ඇතිව හැකි ඉක්මණින් සිදුකරණ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එම තොටුපල ආසන්නයේ ඇති මාදැල් වරාය තොටුපල නිරීක්ෂණය කල අමාත්‍යවරයා දැනට මාදැල් කර්මාන්තය තහනම් කර ඇති බව එම කර්මාන්තයේ යෙදෙන්නන් අමාත්‍යවරයාට දන්වා සිටි අතර ඒ පිළිබදව මීගමුව සහකාර ධීවර අධ්‍යක්ෂක වරයාගෙන් අමාත්‍යවරයා කරුණු විමසුවේය.

අධ්‍යක්ෂක වරයා එවිට පවසා සිටියේ තමන් මේ පිළිබදව නිරික්ෂණය කල බවත් ඒ අවට සිටි සුලු පන්න ධීවරයින් මාදැල් කර්මාන්තයට විරුද්ධ වන බවය.එම නිසා මාදැල් කර්මාන්තයට අවසර දිය නොහැකි වු බවය. මෙම මාදැල් කර්මාන්තයෙන් ජීවිකාව ගෙන යන ධිවර පවුල් 300ක් පමණ සිටින බවත් මෙම මාදැල් වරාය අවට සුළුපන්න ධීවරයින් නොමැති බවත්, සිටියත් ඔවුන් රැකියාවේ නිරත වන්නේ රාත්‍රී කාලයේ බවත්, මාදැල් කර්මාන්තයේ යෙදෙන පිරිස් සිය කර්මාන්තයේ යෙදෙන්නේ දහවල් කාලයේදී වන බවත් එමනිසා සුළුපන්න ධිවරයින්ට බාධාවක් නොවන බව මාදැල් ධිවර සංවිධානයේ සාමාජිකයන් විසින් අමාත්‍යවරයාට ප්‍රකාශ කරන ලදි.

කෙසේ වෙතත් මෙම ගැටළුව සදහා කඩිනමින් විසදුමක් ලබා දෙන බවට අමාත්‍යවරයා විසින් පොරොන්දු විය.

ඒ සදහා ඉදිරි සතියේදි තමන් අදාළ සියලු පාර්ශවයන් හා නිලධාරින් කැදවා විසදුමක් ලබාදීමට කටයුතු කරන බවත් ය. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෞද්ගලික මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් වන බෝපිටිය කුංජුවත්ත, කැරත්තාවල පිහිටි රවී ෆිෂ් ෆාම් හි නිරීක්ෂණය කළ අමාත්‍යවරයා මෙම ස්ථානයේ විශාල ලෙස මිරිදිය මත්ස්‍යන් බෝ කිරීම පිළිබද සිය සතුට ප්‍රකාශ කල අතර එම සමාගම වෙත ආටිමියා වගා කිරීමට අවශ්‍ය ආධාර ලබා දීමට නැක්ඩා ආයතනය වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙන බවද එම ගොවිපල අවට ආරක්ෂිත වැටක් ඉදිකර ගැනීම සදහා ද අවශ්‍ය ආධාර ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

මෙහිදි මෙවැනි පෞද්ගලික ව්‍යවසායන් දිරිමත් කිරීම අප රජයේ ප්‍රතිපත්තිය බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සදහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක වඩිවෙල් සත්‍යනාදන් මහතා හා එහි සාමාන්‍යාධිකාරී ජනක ප්‍රසන්න මුදලිගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *