50 වන ජාතික මහා ක්‍රීඩා උලෙළ (2026) ලබන 6 වන දින නුවරඑළියෙන් ආරම්භ කිරීමට නියමිත බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළේය. කිලෝමීටර් 10කින් සමන්විත ජාතික රට හරහා දිවීමේ තරගයෙන් මෙම ක්‍රීඩා උලෙළ ආරම්භ වන අතර, දෙසැම්බර් 4, 5 සහ 6 යන දිනවලදී දියගම ක්‍රීඩාංගනයේදී අවසන් මහා තරග පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙම තරගාවලිය සඳහා දළ වශයෙන් මිලියන 300ක පමණ මුදලක් වැය කිරීමට අපේක්ෂිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















