27 April 2024
#දේශීය

පුරා වස්තු කැණිම් කල 6 දෙනෙකු අත්අඩංගුවට

කුච්චිවේලි, වඩලිකුලම් වැව් රක්ෂිත ප්‍රදේශයේදී ඊයේ (13) උදැසන 6 ට පමණ පොලිසිය විසින් සිදු කල වැටලීමකදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණිම් සිදු කරමින් සිටි හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කැණිම් සඳහා යොදා ගත් උපකරණ තිබු බවත් අත්අඩංගුව ගත් පිරිස අවුරුදු 23 ත් 52 ත් අතර පසුවන අය වේ.

එම පිරිස නාරම්මල, කුච්චිවේලී, කුරුණැගල, මාතර සහ ගලේවෙල ප්‍ර දේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් අද (14) දින කුච්චවේලි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *