27 July 2024
#දේශීය

පුත්තලමේ සිදු වු අනතුරින් මාස 06 දරුවෙකු මියයයි

පුත්තලම වන සංරක්ෂණ කාර්යාලය අසලදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටී සිදු වු අනතුරින් වයස මාස 06 ක පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊයේ (17) දහවල් 1 ට පමණ පුත්තලම වන සංරක්ෂණ කාර්යාලය අසලදී කොළඹ දෙසට ධාවනය වු යතුරු පැදියක් දකුණට හැරවීමට යාමේදී පුත්තලම දෙසට ධාවනය වු මෝටර් රථයක සහ යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇති බවයි.

අනතුරින් යතුරු පැදිකරු, පසු පැදිකාරිය සහ පැදිකාරියගේ අතේ සිටි මාස 06 ක් වයස පිරිමි දරුවකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව දරුවා මිය ගොස් ඇති බවයි.

මිය ගිය දරුවා මිහිරාජ්පුරම් ප්‍ර දේශයේ පදිංචි දරුවෙකි. අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පුත්තලම පොලිසිය වැඩිදුර වීමර්ශන පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *