27 April 2024
#ව්‍යාපාර

මෙරට හදුන්කුරු විදෙස් වෙළෙඳ පොළටත්

මෙරට ප්‍රමුඛ පෙලේ හඳුන්කූරු නිෂ්පාදන සමාගමක් වන ‘තායි සුමේධා ආයතනය’ තම විදෙස් වෙළඳපොළ තව දුරටත් පුළුල් කරමින් කැනඩාවට ද හඳුන්කූරු අපනයනය ඊයේ (16) ආරම්භ කළේය.

එම අවස්ථාව සඳහා සැමරීම ඊයේ සිදු වුයේ එහි දී අපනයනයට සූදානම් කර තිබූ හඳුන්කූරු තොගය සංකේතාත්මකව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු වෙත ‘තායි සුමේධා’ සමාගමේ සභාපති සුමේධ ඇල්පිටිය මහතා විසින් පිළිගන්වන්.

මෙහි දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එක්ව සිටි එම ආයතනයේ සේවක පිරිස හා ව්‍යාපාරික ප්‍රජාව දිරිගන්වමින් දේශනයක් ද සිදු කළේය.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *