27 April 2024
#දේශීය

7 වෙනිදා වෙනකම් මුකුත් කරන්න බෑ – ටී.බී ඒකනායක කියයි

පාර්ලිමේන්තුව රැස් කිරීම සම්බන්ධයෙන් වැය වු වියදම කථානායක කරු ජයසුරිය මහතාගෙන් අයකර ගැනීම සඳහා සුදානමක් ඇති බව අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ පසුගියදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී එවැනි තින්දුවක් ගෙන ඇති බවයි. අද දිනයේදී ඒ සඳහා පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට යොමු කිරීමේ සුදානමක් ඇති බව හෙතෙම කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් ඒකනායක මහතා පැවසුවේ ලබන 07 වනදා තෙක් ආණ්ඩුව ගත යුතු ක්‍රියාමාර්ග ගැන කිසිවක් කිව නොහැකි බවයි. ජනාධිපතිවරයා පවා ලබන 07 වනදා දෙනු ලබන තීන්දුව තෙක් බලා සිටින බවත් හෙතෙම පැවසිය. තවදුරටත් පැහැදිලි කරමින් ඒකනායක මහතා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙන තීන්දුව හිසනමා පිළිගන්නා බවයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *