27 April 2024
#දේශීය

සියයට දෙකට ඩොලර් මිලියන 700ක් ලෝක බැංකුවෙන් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

සියයට දෙකක් වැනි ඉතාම සුළු පොලී අනුපාතිකයක් යටතේ අනුමත වූ රුපියල් මිලියන 700 ක්වූ සහන පොලි මුදලේ පළමු වාරිකයවන ඩොලර් මිලියන 250 පමණ මුදල අද දිනයේදී ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ එම මුදල අයවැය ආධාරකයක් ලෙස යොදා ගැනීමට නියමිත බවයි.

එමෙනම් දෙවන වාරිකය ලබන මිලියන 250 ක මුදල ඔක්තොම්බර් මාසයේදී ලැබෙන බවත් එහි තුන්වන කොටස වන ඇමරිකන් ඩොලර් මිලියන 200 ක මුදල අස්වැසුම වැඩසටහන සඳහාත් හිමිවන බව ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මෙය රටක් වශයෙන් ඉතාම වාසි දායක තත්ත්වයක් බවත්, ලෝක තුළ ඇති විශ්වාසය මත එවැනි ණය සහනාධාරයක් ලබාදීම මේ මොහොතේ ඉතා වැදගත් කාරණයක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *