27 April 2024
#සංවර්ධන

හලාවත Amarican Voice මධ්‍යස්ථානය COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් කරයි

හලාවත ඉරණවිල “ඇමරිකන් හඩ” සම්ප්‍රේශණ මධ්‍යස්ථානය COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට කඩිනම් පරිවර්ථනයෙන් පසු සුවසේවා සත්කාරයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

හලාවත ඉරණවිල පිහිටි “ඇමරිකන් හඩ” (Amarican Voice) සම්ප්‍රේශණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා වෛරස් ආසාදිතයින්ට (COVID-19) ප්‍රතිකාර සිදු කරනු ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරිමට රජය තීන්දු කිරීමත් සමග එහි සිදු කරනු ලබන පරිවර්ථනයන් සිදුකිරීමෙන් පසුව ජනතා සුව සේවා සත්කාරයට ඒක්කිරීම 07 වනදා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිගේ ප්‍රධානත්වයෙන් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.

කොරෝනා වෛරස් ආසාදිතයින් 50 කට ප්‍රතිකාර කිරීම සදහා වෛද්‍ය උපදේශයන්ට අනුකූලව මෙම සම්ප්‍රේශණ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි යුධ හමුදාවේ සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල සහභාගිත්වයෙන් පරිවර්ථනය කරන ලදී.

හලාවත ඉරණවිල පිහිටි “ඇමරිකන් හඩ” (Amarican Voice) සම්ප්‍රේශණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා වෛරස් ආසාදිතයින්ට (COVID-19) ප්‍රතිකාර සිදු කරනු ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරිමට රජය තීන්දු කිරීමත් සමග එහි සිදු කරනු ලබන පරිවර්ථනයන් පිළිබදව සොයා බැලීම සදහා මාර්තු (26) සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විශේෂ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර ඒහිදී ලබාදෙන ලද උපදෙස් අනූව යුධ හමුදාව සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩල ඒක්ව සිදුකරන ලද කඩිනම් පරිවර්ථනය නිසා දින 10 ක් තුලදී මෙම ස්ථානය රෝහලක් බවට පත්වීම ද විශේෂත්වයකි.

“ඇමරිකන් හඩ” 1980 දශකයේ මුලින්ම ආරම්භ කිරීමට සැළසුම් කර තිබුනේ පුත්තලම දිස්ත්‍රික්කයේ මහකුඹූක්කඩවල ප්‍රදේශයේය. නමුත් ජනතා විරෝධතාවයත් සමග එය 1991 වර්ෂයේ දී හලාවත ඉරණවිල ප්‍රදේශ‌යේ ස්ථාපිත කිරීමට සිදුවිය. ශ්‍රී ලංකා රජයේ බදු පදනම මත ලබාගෙන තිබෙන අක්කර 400 ක භූමි ප්‍රමාණයක පිහිටි මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය 2017 වර්ෂයේ දී නැවැත ශ්‍රී ලංකා රජයට බාරදෙන ලද අතර ලොව පුරා වෙසෙන මිලියන 236.6 වැඩි ජනගහනයකට භාෂා 47 කින් “ඇමරිකානු හඩ” ගුවන් විදුලිය ප්‍රවෘත්ති හා තොරතුරු බෙදා හරින ලදි. මෙහි විශාල ප්‍රමාණයෙන් යුත් ගොඩනැගිල් 04 ක් ද ස්ථාපිත කර තිබුනි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *