• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විද්‍යාපීඨ ගුරුවරුන් 7800ක් ලබන ජූනි 15 ජාතික හා පළාත් පාසල්වලට – අධ්‍යාපන ඇමති සුසිල් 

18 May 2023
in දේශීය

විද්‍යාපීඨ ගුරුවරුන් 7800කට ජූනි 15 දින නව පත්වීම් ලබා දෙමින් ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ සහභාගීත්වයෙන් යුතු ව අද (18) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැති අ.පො.ස සාමාන්‍ය පෙළ ඉහළින් සමත් එහෙත් අඩු ආදායම්ලාභී ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල සිසු-සිසුවියන්ගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ වැඩසටහනකට සහභාගී වීමෙනි.

ලබන වසරේ දී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග දෙක ම එක ම වසරක් තුළ පැවැත්විය හැකි පරිදි අධ්‍යයන කටයුතු ක‍්‍රමානුකූල ව සාමාන්‍ය තත්වයට ගෙන එමින් විභාග කාලසටහන යාවත්කාලීන කරන බව හෙතෙම පැවසිය.

එමෙන් ම විද්‍යාව, තාක්ෂණය හා භාෂාව වැනි ගුරු හිඟය වැඩි වශයෙන් පවතින විෂය ක්ෂේත‍්‍රවලට අනුමැතිය ලබාගැනීමෙන් පසු විශ්ව විද්‍යාලවලින් පිට වන වයස 35ට අඩු උපාධිධාරීන් අතරින් ජාතික හා පළාත් මට්ටමින් ගුරුවරුන් බඳවාගැනීමටත් ඉදිරියේ දී පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසී ය.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ඉන්දීය රජයේ අනුග‍්‍රහය මත ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ ව 2006 වර්ෂයේ සිට ක‍්‍රියාත්මක කරනු ලබයි. ඉන්දියානුවන් අවිහිංසාවාදයේ පියා ලෙස හඳුන්වන මහත්මා ගාන්ධිතුමාගේ ගුණානුස්මරණය පිණිස මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ලෙසින් මෙම ශිෂ්‍යත්වය නම් කර ඇත.

 

Post Views: 7
Previous Post

බ්‍රසීලයෙන් මෙරටට වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි

Next Post

ලංකා බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනපතිට

editor

editor

Next Post

ලංකා බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනපතිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved