27 April 2024
#දේශීය

ජපානයෙන් මෙරටට ගොවිතැනට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 8359ක් පරිත්‍යාග කරයි

ජපාන් රජයේ මුල්‍ය පහසුකම් යටතේ එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙරට වී වගාව සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 8359ක ප්‍රමාණය අද (07) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත පිරිනැමු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මෙම කටයුතු සිදු කළ අතර ඊට ජපාන තානාපති කාර්යාලයේ Deputy Head of the mission Mr. Katsuki Kotaro, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න, හා UNFAO නියෝජිත නලින් මුණසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙහිදී ජපාන නියෝජිතවරයා විසින් අදාල යුරියා පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දෙනු ලැබීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *