27 April 2024
#දේශීය

තඹ කර්මාන්ත ශාලාවේ 9 දෙනාට TID ට පෙනි සිටින්නැයි නියෝග

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප නියම වූ සැකකරුවන් 8 දෙනා හා බන්ධනාගාර ගත කර සිටි තවත් සැකකරුවෙකුට එළැඹෙන 28 දා සිට 1 දා තෙක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනි සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර තිබේ.

එම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වන විමර්ශන ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් භාරගෙන තිබෙන අතර එහිදී අත්අඩංගුවට පත්වූ 10 වැනි සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය පරීක්ෂණ කරන බව පොලීසිය අධිකරණයට වාර්තා කළේය.

නඩුව නැවතත් එළැඹෙන 10 දා කැඳවීමට නියමිතය.10 වැනි සැකකරු එදින දක්වා බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *