නීතිමය ක්‍රියාදාමය වේගවත් කරමින් දිගුකාලීනව ප්‍රමාද වී තිබූ රස පරීක්ෂක වාර්තා 9,000ක් මෙම මස තුළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.
මීගමුව දළුපොත පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම තොරතුරු හෙළි කළ අතර, සාක්ෂි වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් දිගු කලක් තිස්සේ බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට සහ රැඳවියන්ට කඩිනමින් ඇප ලබා ගැනීමට සහ නඩු කටයුතුවලට සාධාරණ විසඳුමක් ලබා ගැනීමට මෙමඟින් මඟපෑදෙනු ඇත. අධිකරණ පද්ධතිය තුළ නඩු ගොඩගැසීමට ප්‍රධාන හේතුවක් වූ මෙම වාර්තා සීමාකාරී තත්ත්වය විසඳීම සඳහා ගෙන ඇති මෙම ක්‍රියාමාර්කය මානව හිමිකම් සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අර්බුදයට සාර්ථකව මුහුණ දීම හරහා බන්ධනාගාරගත රැඳවියන්ගේ තදබදය අවම කර ගැනීමට සහ නීතිමය ක්‍රියා පටිපාටි විධිමත් කිරීමට හැකි වන අතර, අදාළ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම දිගුකාලීන සාධනීය ප්‍රතිඵලයකට මඟහළනු ඇත. ඉදිරි කාලය තුළ මෙම වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම මඟින් අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව තවදුරටත් තහවුරු වනු ඇති අතර, යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය වඩාත් ජනතා හිතවාදී මෙන්ම වේගවත් මාවතකට යොමු වනු ඇත.














